හැටන් සිට හැටන් වැලිඔය දක්වා ධාවනය වන ලංගම බස් රථයක රියදුරුට සහ කොන්දොස්තරවරයාට පෞද්ගලික බස් රථ සේවකයන් පිරිසක් විසින් බැන තර්ජනය කර පහර දීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
හැටන් බස් නැවතුම්පොළේ ගාල් කර තිබූ ලංගම බසයට ගොඩ වූ එම මාර්ගයේම ධාවනය වන පෞද්ගලික බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් පිරිසක් ධාවන වේලාවක් සම්බන්ධයෙන් මෙලෙස විරෝධය පළ කර ඇත. පසුගිය 15 වන දිනද එම මාර්ගයේම ධාවනය වන තවත් ලංගම බස් රථයක සේවකයන්ට පහර දීමක් සහ බැන වැදීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබූ බව හැටන් ලංගම ඩිපෝවේ කළමණාකාර පාලිත වීරසූරිය මහතා පවසා තිබේ.














