ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අද (17) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමුවී තිබේ.
මෙම නිල හමුවේදී ජාතික වැදගත්කමකින් යුත් කාර්යයන්හිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉටුකරනු ලබන මෙහෙවර ඇතුළු කරුණු රැසක් පිළිබඳව දෙපාර්තවයන් අතර සුහද අදහස් හුවමාරුවක් සිදුව ඇත. මෙම හමුව සනිටුහන් කරමින් නාවික හමුදාපතිවරයා විසින් අමාත්‍යවරයා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීමද සිදු කර තිබේ.














