ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා අනිවාර්ය නිවාඩු යෑමට තීරණය කර ඇති බව එම අධිකාරියේ සභාපති ජේ. කේ. ඒ. සිරිනාත මහතා ලිඛිතව දැනුම්දී තිබේ.
ආයතන සංග්‍රහයේ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ විනය මාලාව කඩකරමින් බරපතල විෂමාචාර කීපයක් මූලික වශයෙන් හෙළිවී ඇති බවත්, වැටුප් සහිත අනිවාර්ය නිවාඩු පනවා ඇති කාලය තුළ එම අධිකාරියේ කාර්යාලයකට හෝ වැඩබිමකට ඇතුල්වීම තහනම් වන අතර සභාපතිවරයාගේ අවසරයකින් තොරව විදේශගත නොවිය යුතු බවත් එම ලිපියේ සඳහන් වේ.














