ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ (BJP) ජාතික මාධ්‍ය ප්‍රකාශක ෂෙහ්සාද් පූනාවල්ලා පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබේ.
පෞද්ගලික සහ මූල්‍යමය හේතූන් මත තමන් මෙසේ පක්ෂයෙන් ඉවත් වන බවත්, ඉදිරියේදී පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසා ඇත. එසේ වුවද, මත ගැටුම් මුල්කොට ගනිමින් ඔහු මෙම තීරණය ගෙන ඇති බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. තමන් පක්ෂයෙන් ඉවත් වුවද, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහ පක්ෂයේ දැක්මට නිරන්තරයෙන් සහය දක්වන බව පූනාවල්ලා වැඩිදුරටත් සඳහන් කර ඇත.














