ස්විට්සර්ලන්තයේ විද්‍යාඥයින් පිරිසක් විසින් ශබ්ද තරංග භාවිතා කරමින් ගුවනේ සහ ජලය මත ගමන් කළ හැකි කුඩා ප්‍රමාණයේ ඩ්‍රෝන යාත්‍රා නිර්මාණය කර තිබේ.
මෙම කුඩා යානාවලට “කුහර” (cavities) නම් විශේෂ හිස් ව්‍යුහයන් ලබා දීම මඟින් පර්යේෂකයින් මෙම සාර්ථකත්වය අත්කර ගෙන ඇති අතර, එම කුහර මඟින් ශබ්දය චාලක බලයක් (propulsion) බවට පරිවර්තනය කළ හැකිය. හෙල්මට් අනුනාදය (Helmholtz resonance) නම් ගුණාංගය මෙහිදී භාවිත කර ඇති අතර, මෝටර්, ජියර් හෝ චුම්බක කොටස් වෙනුවට හිස් කුහර භාවිතා කරන බැවින් මෙම උපකරණ ඉතා කුඩා හා සැහැල්ලු ලෙස සකස් කිරීමට හැකි වී තිබේ. අනාගතයේදී ශබ්දයට ප්‍රතිචාර වශයෙන් හැඩය වෙනස් කළ හැකි වායුගතික රොබෝවරුන් බිහි කිරීම මෙහි අපේක්ෂාවයි.














