ඉස්ලාමාබාද් අගනුවර පිහිටි වංචනික ඇමතුම් මධ්‍යස්ථානයක් වටලා චීන ජාතිකයින් 40 දෙනෙකු ඇතුළුව විදේශීය ජාතිකයින් 258 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පාකිස්තාන බලධාරීන් පවසා තිබේ.
AFP පුවත් සේවය වාර්තා කරන පරිදි, ඉස්ලාමාබාද්හි ගුල්බර්ග් ග්‍රීන් ප්‍රදේශයේ සංචාරක වීසා මත පැමිණ මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති අතර, අත්අඩංගුවට ගත් පිරිස අතර වියට්නාම ජාතිකයින් 170 දෙනෙකු සහ මැලේසියානු ජාතිකයින් ඇතුළු පිරිසක් රාවල්පිණ්ඩි බන්ධනාගාරයක රඳවා ඇත. අදාළ තානාපති කාර්යාල දැනුවත් කර ඇති අතර, ඉදිරි විමර්ශනවලින් පසු ඔවුන් පිටුවහල් කිරීමට නියමිතය.














