සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දිප්පිටිගොඩ ලහිරුගේ ඝාතන ජාලයට සම්බන්ධ වෙඩික්කරුවෙකුට රැකවරණය ලබා දීමේ චෝදනාවට ලක්ව සිටි චාමිකර බණ්ඩාර නමැත්තා විදෙස් රටක සිටියදී අත්අඩංගුවට ගෙන අද (17) කටුනායක ගුවන්තොටුපළ හරහා මෙරටට රැගෙන පැමිණ තිබේ.
ඝාතන සිද්ධියකට සම්බන්ධ වෙඩික්කරුට නීති විරෝධී ලෙස ආරක්ෂාව සහ රැකවරණය ලබා දීම ඇතුළු අපරාධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතයි.














