සෙලින්කෝ ලයිෆ් සමාගම තම සමස්ත වත්කම් වටිනාකම රුපියල් බිලියන 300ක සුවිශේෂී සන්ධිස්ථානය ඉක්මවා ඇති බව නිවේදනය කර ඇත.
2026 ජූනි 30 වන විට සමාගමේ මුළු වත්කම් වටිනාකම රුපියල් බිලියන 302.5ක් ලෙස වාර්තා වී ඇති අතර, එය සමාගමේ අඛණ්ඩ වර්ධනය සහ මූල්‍ය ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරන ප්‍රධාන සාධකයකි. 2026 වර්ෂයේ පළමු මාස හය තුළ පමණක් සමාගම රුපියල් බිලියන 15.65ක වත්කම් වර්ධනයක් වාර්තා කර තිබේ.
මෙම ජයග්‍රහණයට අදාළව, 2026 ජූනි 30 වන විට සමාගම සියයට 406ක අවදානම් පදනම් කරගත් ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතයක් වාර්තා කර ඇති අතර, එය රක්ෂණ නියාමකයා විසින් නියම කර ඇති අවමය වන සියයට 120 සැලකිය යුතු ලෙස ඉක්මවා යයි. එසේම, සමාගමේ වත්කම් පදනම ප්‍රධාන වශයෙන් මූල්‍ය ආයෝජන මඟින් ශක්තිමත් වී ඇති අතර, ශාඛා ජාලය සඳහා ඉඩම් මිලදී ගැනීම මෙන්ම පරිසර හිතකාමී හරිත ගොඩනැගිලි සංවර්ධනය කිරීම වැනි උපායමාර්ගික ආයෝජන ද ඊට ඇතුළත් වේ. 2025 වසරේදී ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ අඛණ්ඩව 22 වැනි වසරටත් වෙළෙඳපොළ නායකත්වය අත්කර ගෙන ඇති සෙලින්කෝ ලයිෆ්, 2026 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 20 වන වසරටත් ‘වසරේ ජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා’ ලෙස සම්මානයට පාත්‍ර විය.














