චීනය විසින් ඉන්දියාව වටකිරීම සඳහා ක්රමානුකූල සහ සැලසුම් සහගත උත්සාහයක නිරත වන බවට ඉන්දීය රාජ්‍ය සභා නියෝජ්‍ය සභාපති හරිවංශ නාරායන් සිං මහතා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය ඇතුළු අසල්වැසි කලාපීය රටවල් හරහා ජාත්‍යන්තර මට්ටමේ ගැඹුරු මුහුදු වරායන් 8 සිට 10 දක්වා ප්‍රමාණයක් ඉදිකිරීමට බීජිං පාලනය පියවර ගනිමින් සිටින බව ඔහු වැඩිදුරටත් අනාවරණය කර ඇත. ඉන්දියානු සාගර කලාපයේ බලතුලනය වෙනස් කරමින් ඉන්දියාවට එල්ල වන භූ-දේශපාලනික සහ ආරක්ෂක තර්ජන පිළිබඳව අවධානය යොමු කරමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.














