ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාවේ චීන වාණිජ මණ්ඩල (CCCA) මෙල්බර්න් ශාඛාව අතර වෙළෙඳ, ආයෝජන සහ ව්‍යාපාරික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙල්බර්න් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාංශයේදී මෙම හමුව පවත්වා ඇති අතර, එහිදී ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය සහ ඔස්ට්‍රේලියාවේ CCCA උප සභාපති සහ මෙල්බර්න් ශාඛාවේ සභාපති ලෙයි බියෑන් මහතා අතර සාකච්ඡා සිදුව ඇත.
මෙම හමුවේදී සාකච්ඡා කරගත් ප්‍රධාන කරුණු අතර, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය වන ‘EXPO Sri Lanka 2027’ සඳහා සහභාගී වන ලෙස CCCA මෙල්බර්න් ශාඛාවට ආරාධනා කිරීම සහ ඔවුන් එයට එකඟ වීම, මේ මස අග භාගයේදී මෙල්බර්න් නුවර සංචාරය කරන කොළඹ වරාය නගරයේ දූත පිරිස සමඟ සාකච්ඡා සංවිධානය කිරීමට පහසුකම් සැලසීම, සහ 2026 අගෝස්තු 23 සිට 27 දක්වා මෙල්බර්න් නුවර සංචාරය කිරීමට නියමිත ලංකා වාණිජ මණ්ඩලයේ ව්‍යාපාරික දූත පිරිස සඳහා සෘජු ව්‍යාපාරික හමුවීම් (B2B meetings) සංවිධානය කිරීමට සහයෝගය පළ කිරීම යන කරුණු ඇතුළත් වේ.














