මහනුවර ඇසළ පෙරහැර අද (18) වීදි සංචාරය ආරම්භ කරන බැවින්, අද සිට දින 11ක් පුරා මහනුවර නගර සීමාව සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක මත්පැන් සහ මාංස අලෙවිසල් වසා තැබීමට පියවර ගෙන තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි, මහනුවර කඩවත්සතර සහ ගඟවටකෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම මත්පැන් අලෙවිසල් සහ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නත්ත රම්පොත ප්‍රධාන මාර්ගයට යාබදව ඇති ඉන්ධන පිරවුම්හල දක්වා පිහිටි සියලුම මත්පැන් අලෙවිසල් පෙරහැර නිමාවන අගෝස්තු 28 වැනිදා දක්වා වසා තැබෙනු ඇත. ඊට සමගාමීව, මහනුවර මහ නගර සභා සීමාවේ පිහිටි සත්ව මාංස අලෙවිසල් ද වසා දැමීමට මහනුවර මහ නගර සභාව පියවර ගෙන තිබේ.














