දේශසීමා රහිත වෛද්‍යවරුන් හෙවත් Médecins Sans Frontières (MSF) විසින් සංවිධානය කරනු ලබන දකුණු ආසියානු සෞඛ්‍ය සහ මානුෂීය සමුළුව අද (18) කොළඹදී පැවැත්වීමට නියමිතය. “මානුෂීයවාදයේ අනාගතය සඳහා දැක්මක්” යන තේමාව යටතේ මෙම සමුළුව ක්‍රියාත්මක වේ.
ගැටුම්, වසංගත සහ ස්වාභාවික ආපදාවලින් පීඩාවට පත් වූවන්ට කඩිනම් වෛද්‍ය ආධාර සැපයීම වෙනුවෙන් කැපවී සිටින MSF ජාත්‍යන්තර සංවිධානය, වෛද්‍ය වෘත්තිකයන්, ප්‍රජා සේවකයන් සහ ස්වේච්ඡා සේවකයන් 69,000කට අධික පිරිසකගෙන් සමන්විත ගෝලීය සෞඛ්‍ය ජාලයකි. 1986 වසරේ සිට 2012 දක්වා ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ගැටුම් පැවති සමයේදීත්, 2004 සුනාමි ව්‍යසනයේදී මෙන්ම 2025 වසරේදී බලපෑ දිත්වහ් (Ditwah) සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා ද මෙම සංවිධානය සුවිශේෂී වෛද්‍ය හා මානුෂීය දායකත්වයක් ලබා දී තිබේ.














