මාස තුනකට පෙර පින්නවල සත්වෝද්‍යානයේදී උපත ලද පින්නවල සත්වෝද්‍යානයේ ප්‍රථම හඳුන් දිවි පැටවුන් තිදෙනා මහජන ප්‍රදර්ශනයට එක් කිරීම සහ ඔවුන් සඳහා නම් තැබූ දිවයිනේ විවිධ ප්‍රදේශවල ජයග්‍රාහකයන් තිදෙනාට ත්‍යාග ප්රදානය කිරීමේ උත්සවය ඊයේ (17) පින්නවලදී පැවැත්විණි.
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී ගැහැනු පැටවා සඳහා ‘හේලා’ (සකුරා වික්‍රමසිංහ), පිරිමි පැටවුන් දෙදෙනා සඳහා ‘තියෝ’ (නසිර්) සහ ‘කයිලෝ’ (භාතිය රත්නායක) යන නම් තැබූ ජයග්‍රාහකයන් වෙත සමරු තිළිණ, මුදල් ත්‍යාග සහ සත්වෝද්‍යාන නැරඹීමට ප්‍රවේශපත්‍ර පිරිනමන ලදී. මීට අමතරව, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිහාල් දයාවංශ මහතා විසින් බිළාල සතුන් සංරක්ෂණය පිළිබඳ දේශනයක් ද මෙහිදී පවත්වන ලදී.














