ඇමරිකානු – ඉරාන සාම අපේක්ෂා දුරස් වීම සහ සැපයුම් අවදානම් ඉහළ යාම හේතුවෙන් අද (18) දිනයේ තෙල් මිල ඉහළ ගොස් තිබේ. එක්සත් ජනපදය තාවකාලික සටන් විරාම ගිවිසුම දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ, ඉරානය වඩාත් ප්‍රහාරාත්මක යුද ස්ථාවරයකට මාරුවන බව නිවේදනය කිරීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත.
මේ වන විට බ්‍රෙන්ට් බොරතෙල් (Brent crude) අනාගත ගිවිසුම් 0.3%කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් 91.14ක් ලෙස සටහන් වී ඇති අතර, ඇමරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් ඩොලර් 85.04 දක්වා ඉහළ ගොස් තිබේ. හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය ඇණහිටීම සහ රතු මුහුදේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුම පිළිබඳ දැඩි අවදානමක් මතු වී ඇතැයි වෙළඳපල විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
















