2026 ICC U19 කාන්තා T20 ලෝක කුසලාන අමෙරිකා කලාපීය සුදුසුකම් තරගාවලිය ජයගනිමින් අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම 2027 ICC U19 කාන්තා T20 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා තිබේ.
කේමන් දූපත්හි පැවති මෙම තරගාවලියේදී චෙට්නා පාගිඩ්යාලාගේ නායකත්වයෙන් යුත් අමෙරිකානු කණ්ඩායම කිසිදු තරගයක් පරාජයට පත් නොවී තරග හයක්ම ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත්තේය. තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත්වෙමින් කඩුලු 16ක් දවාගත් මහෙක් දේසායි තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය. මෙය අමෙරිකානු කාන්තා කණ්ඩායමක් U19 T20 ලෝක කුසලානයට අඛණ්ඩව සුදුසුකම් ලැබූ තෙවැනි අවස්ථාවයි.
















