නෝවුඩ් පොලිස් ස්ථානය සහ ධර්මරාජ විහාරස්ථානය අසල පිහිටි දැඩි අනතුරුදායක තත්ත්වයේ පවතින ටර්පන්ටයින් ගස් කිහිපයක් වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන දැඩි වර්ෂාව සහ තද සුළං සහිත කාලගුණික තත්ත්වය හමුවේ මෙම ගස් කඩා වැටීමේ අවදානම ඉහළ ගොස් ඇති අතර, ඉන් පොලිස් ස්ථානයට, විහාරස්ථානයට, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයට මෙන්ම බගවන්තලාව – නෝවුඩ් ප්‍රධාන මාර්ගයටද දැඩි හානි සිදුවීමේ තර්ජනයක් පවතී. මෙම ගස් ඉවත් කිරීම සඳහා මීට වසර 2කට පෙර ඉල්ලීම් කර තිබුණද, මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ජනතාව පෙන්වා දෙයි.














