ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ මහානායක අග්ගමහා පණ්ඩිත ඕමාරේ කස්සප මහානායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ‘නිකායාරක්ෂක විද්වත් දායක සභාව’ නිල වශයෙන් පිහිටුවා තිබෙනවා.
මෙම නව සභාවේ සභාපති ධුරය සඳහා ධම්මික ආටිගල මහතා සහ මහ ලේකම් ධුරය සඳහා ආචාර්ය දුලිප් පළිහවඩන මහතා පත්කර ඇති අතර, ඊට අදාළ සන්නස් පත්‍රය මහානායක හිමියන් විසින් ප්රදානය කර ඇත. සම්බුද්ධ ශාසනයේ අනාගත පැවැත්ම සහ ශාසනික හා ජාතික කරුණු සම්බන්ධයෙන් එක්සත් බොදු හඬක් නැගීමේ දැඩි අවශ්‍යතාව මෙහිදී මහානායක හිමියෝ අවධාරණය කළහ. එසේම, මෙහි භාණ්ඩාගාරික ලෙස ශාන්ත දිසානායක මහතා පත්ව ඇති අතර, ජනමාධ්‍යවේදී මොහාන් සමරනායක සහ ශෙනාලි වඩුගේ ඇතුළු විද්වතුන් පිරිසක් කාරක සභිකයන් ලෙස තෝරා පත්කර ගනු ලැබ තිබේ.
















