2026 මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයට සමගාමීව, මහජනතාවට අවශ්‍ය තොරතුරු පහසුවෙන් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ සජීවී තොරතුරු කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසනවා.
මෙම පද්ධතිය ඔස්සේ පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවට රථවාහන නැවැත්වීම සඳහා වෙන් කර ඇති රථගාල්, පෙරහර ගමන් කරන මාර්ග, සුදුසු නැරඹුම් ස්ථාන, සනීපාරක්ෂක පහසුකම් සහ අතරමං වූවන් හමුවිය හැකි ස්ථාන පිළිබඳ සජීවී තොරතුරු ලබාගත හැක. ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk වෙත පිවිසීමෙන් හෝ පෙරහර වෙනුවෙන් සකස් කර ඇති විශේෂ වෙබ් පිටුව ඔස්සේ ඕනෑම ජංගම දුරකථනයකින් හෝ පරිගණකයකින් මෙම සේවාව ලබාගත හැකි බව පොලිසිය සඳහන් කරයි.
















