සෞඛ්‍යයට අහිතකර ආහාර පාන ජනප්‍රිය කිරීමට තමන් තවදුරටත් හවුල් නොවන බව බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් පවසා තිබේ.
ෂාරුක් ඛාන් සමඟ අජේ දෙව්ගන් සහ ටයිගර් ෂෙරොෆ් ද ප්‍රකාශ කර ඇත්තේ සෞඛ්‍යයට අහිතකර ආහාර පාන ප්‍රවර්ධනය කිරීමට තමන් දායකත්වය ලබා නොදෙන බවය. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය කළ ඉල්ලීමකට කන් දෙමින් මෙම නළුවන් තිදෙනා මෙම තීරණය ගෙන තිබේ.
මීට පෙර ‘විමල්’ සන්නාමය යටතේ නිෂ්පාදනය වන ඇතැම් ආහාර සෞඛ්‍යයට අහිතකර යැයි ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය තීරණය කිරීමත් සමඟ, එම සන්නාමයේ නිෂ්පාදන ජනප්‍රිය කිරීම සඳහා මෙම නළුවන් තිදෙනා පෙනී සිට තිබුණි.
















