මොරටුව අඟුලාන ආසන්න මුහුදේදී අනතුරට ලක්ව ගිලී ගිය නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.
නාවික හමුදාවේ විශේෂඥ කිමිදුම් කණ්ඩායම් එක්ව පැය කිහිපයක් මුළුල්ලේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් පසුව මෙම යාත්‍රාව ගොඩගැනීමට හැකි වී ඇති අතර, මෙම අනතුරින් අතුරුදන් වූ නාවික හමුදා නිලධාරියා සොයා ගැනීමේ මෙහෙයුම් සිව්වන දිනටත් අද අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
















