ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද විගණන වාර්තාවකට අනුව, ‘ඊ ග්‍රාම නිලධාරී’ ව්‍යාපෘතියේ දෙවන අදියර සඳහා රුපියල් 490,077,341ක (මිලියන 49කට අධික) මුදලක් වැය කර තිබුණද, එම ව්‍යාපෘතිය මගින් අපේක්ෂිත ඉලක්ක ඉටු කර ගැනීමට නොහැකි වී ඇති බව අනාවරණය වී තිබේ.
දිස්ත්‍රික්ක 07ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 95ක ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතියේ නියමු අදියර යටතේ රුපියල් 59,940,000ක් වැය කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක සිදු කළ ව්‍යාපෘති ද සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇති බව විගණනය පෙන්වා දෙයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ 2025 වර්ෂයට අදාළ වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත් මෙම විගණන වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, ව්‍යාපෘතිය සඳහා ලබා දුන් ටැබ් ඇතුළු උපකරණ ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ගබඩා තුළ පමණක් පවතින බවයි.














