බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරුණු බස්නාහිර පළාත් පාසල් වොලිබෝල් තරඟාවලියේ අවුරුදු 20න් පහළ බාලක ශූරතාව කොළඹ රාජකීය විදුහල විසින් දිනා ගන්නා ලද අතර, බාලිකා අංශයේ ශූරතාව කොළඹ ගෝතමී බාලිකා විදුහලට හිමි විය.
රාජකීය විදුහල සහ ඌරාපොල මධ්‍ය මහ විදුහල අතර පැවැති අවසාන තරඟයෙන් රාජකීය විදුහල ජයග්‍රහණය කළ අතර, එහිදී බාලක අනු ශූරතාව ඌරාපොල මධ්‍ය මහ විදුහලටත්, තෙවැනි ස්ථානය මීගමුව මාරිස්ටෙලා විදුහලටත් හිමි විය. බාලිකා අංශයේ අවසාන තරඟය කොළඹ ගෝතමී බාලිකා විදුහල සහ කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විදුහල අතර පැවැත්වුණු අතර, එහිදී ගෝතමී බාලිකා විදුහල ශූරතාව දිනාගත් අතර බාලිකා තෙවැනි ස්ථානය ගම්පහ සිරි කුරුස විදුහලට හිමි විය. මේ අනුව ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන 40 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සඳහා මෙම පාසල් සියල්ලම සුදුසුකම් ලබා ඇත.














