ජාතික හා ප්‍රාදේශීය මට්ටමින් නාට්‍ය, ප්‍රසාංගික කලා සහ සාහිත්‍ය ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීම සඳහා 2026 වාර්ෂික අයවැයෙන් වෙන් කර ඇති රුපියල් මිලියන 50ක ප්‍රතිපාදන යොදා ගනිමින් නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය යටතේ ක්‍රියාත්මක අනුමණ්ඩල 09 නියෝජනය කරන විෂය ක්ෂේත්‍ර ප්‍රාදේශීය මට්ටමින් ප්‍රවර්ධනය කිරීම, නව නාට්‍ය නිර්මාණ සහ රංගගත කිරීම් දිරිගැන්වීම මෙන්ම රාජ්‍ය නාට්‍ය උළෙල වඩාත් විවිධාංගීකරණය කිරීම සිදු කෙරේ. තවද, බහු සංස්කෘතික මධ්‍යස්ථාන පදනම් කර ගනිමින් බහු සංස්කෘතික කලා මංගල්‍යයන් පැවැත්වීමට සහ සංස්කෘතික මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපිත සිනමා පර්ෂද සඳහා පහසුකම් සැලසීමටද නියමිතය.
නාට්‍ය හා සාහිත්‍ය ක්ෂේත්‍ර පුනරුජ්ජීවනය කිරීම, ප්‍රාදේශීය කලාකරුවන් සවිබල ගැන්වීම සහ සංස්කෘතික උරුමය අනාගත පරපුරට දායාද කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වන අතර, මේ සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.














