පයාගල මදිනකන්ද ප්රදේශයේදී පොලිසිය පැමිණිල්ලක් විභාග කිරීමට ප්රමාද වූ බව පවසමින් 53 හැවිරිදි පුද්ගලයෙකු අඩි 70ක් පමණ උස පොල් ගසකට නැග විරෝධතාවක් ආරම්භ කර තිබේ.
පෙරේදා (17) රාත්රියේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් ඔහු පයාගල පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර, පහරදුන් බව කියන පුද්ගලයා වහාම අත්අඩංගුවට නොගැනීමට එරෙහිව ඊයේ (18) පෙරවරුවේ පොලිසිය අසල නිවසක පොල් ගසකට නැග මෙම විරෝධතාව පළ කර ඇත.
පොලිසිය පවසන්නේ සැකකරු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බවත්, විරෝධතාවයේ නියැලී සිටින පුද්ගලයා ගසෙන් බැස පැමිණිල්ල විභාග කිරීමට පැමිණිය යුතු බවත්ය. කෙසේ වෙතත්, සියදිවි නසා ගැනීමට තැත් කිරීමට එරෙහිව අදාළ පුද්ගලයාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන බවද පොලිසිය සඳහන් කරයි.













