මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයට සම්බන්ධ යැයි සැකපිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කරනු ලබන “ශිරාන් බාසික්” නමැත්තාට අවශ්‍ය ආරක්ෂාව සලසන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ.
සැකකරුගේ ජීවිතයට තර්ජනයක් එල්ල විය හැකි බවට ඔහුගේ නීතිඥ වසන්ත පිටිගල මහතා කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත. සැකකරුව සෑම උදෑසනකම නරාහෙන්පිට පොලිසියේ සිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පයින් රැගෙන යන බව නීතිඥවරයා අධිකරණයට පෙන්වා දී තිබේ.
ඒ අනුව, සැකකරුට නිසි ආරක්ෂාව සලසන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් නරාහෙන්පිට පොලිසියට සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට නියෝග කර ඇත.














