මෙරටින් පිටට නීතිවිරෝධීව අමෙරිකානු ඩොලර් බිලියන ගණනක මුදලක් උණ්ඩියල් ක්‍රමය සහ ටෙලිග්‍රැෆික් ට්‍රාන්සර් යටතේ ප්‍රේෂණය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෞද්ගලික බැංකු කළමනාකරුවන් 4 දෙනා පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කරුණු රැසක් අනාවරණය කළා.
රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කාර්යාංශය වෙත (FCID) කරන ලද පැමිණිල්ලක් මත 2026 ජනවාරි මාසයේදී මෙම විමර්ශන ආරම්භ කර ඇති අතර, ගිණුම් 89ක් මගින් අවස්ථා 10,151කදී රුපියල් බිලියන 74ක සමස්ත මුදලක් මෙලෙස නීතිවිරෝධී ලෙස රටින් බැහැර කර ඇති බව හෙළි වී තිබේ. මීට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිකරණයට කරුණු වාර්තා කරමින් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර ඇත.














