ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ පහසුකම් භාවිත කරමින් ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ශල්‍යකර්ම සේවා පුළුල් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල ශික්ෂණ රෝහලේ නවීන පහසුකම් සහ දියුණු වෛද්‍ය උපකරණ තිබුණද විශේෂඥ සායනික කාර්ය මණ්ඩලයේ සීමිත බව හේතුවෙන් සම්පත් උපරිම ලෙස භාවිතයට නොගැනෙන පසුබිමක, ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ශල්‍යකර්ම සඳහා පවතින දිර්ඝ පොරොත්තු ලේඛන කාලය අවම කිරීම අරමුණු කරගනිමින් මෙම ත්‍රෛපාර්ශවීය ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.














