ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ක්‍රිකට් තරගයකදී පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් වෙනුවට පසිඳු සූරියබණ්ඩාර ආදේශක ක්‍රීඩකයා (Concussion Replacement) ලෙස කැඳවා තිබේ.
සීමා මායිම ආසන්නයේදී හතරේ පහරක් වැළැක්වීමට උත්සාහ කිරීමේදී අද (18) උදෑසන චන්දිමාල්ගේ දකුණු උරහිසට සහ බෙල්ලට සිදුවූ හානියක් හේතුවෙන් ඔහුව ස්කෑන් පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කරන ලදී. එහිදී අභ්‍යන්තර තුවාල කිසිවක් සිදුව නොමැති බව තහවුරු වුවද, වෛද්‍යවරයාගේ සහ කණ්ඩායම් භෞතචිකිත්සකවරයාගේ නිර්දේශ මත ඔහු නැවත තරගයට එක්වීමට තරම් යෝග්‍ය මට්ටමක නොමැති බව තක්සේරු කර ඇත.
ඒ අනුව මෙම ආදේශ කිරීම සඳහා තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතාගේ අනුමැතිය හිමිවී තිබේ.













