අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ‘සර්වජන බලය’ පක්ෂය විසින් අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් අඩංගු මෙම යෝජිත 22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විවිධ පාර්ශ්ව විසින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ඉදිරිපත් කරමින් පවතී.














