ලෝක ඡායාරූප දිනය සැමරීම වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් ඡායාරූපශාලා හිමියන්ගේ සංගමය සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවය අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිසර Wave and Lake උත්සව ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා.
සමස්ත ලංකා වෘත්තීය ඡායාරූප හිමියන්ගේ සංගමයේ 20 වැනි සංවත්සරයද සලකුණු කෙරුණු මෙම අවස්ථාවේදී විශේෂ සමරු මුද්දරයක් එළිදැක්වීමද සිදු කෙරිණි. ඡායාරූප ශිල්පීන් මුහුණ දෙන වෘත්තීය ගැටලු සහ හැඳුනුම්පත් මෙන්ම විදේශගමන් බලපත්‍ර සඳහා ඡායාරූප ලබාගැනීමේදී මතුව ඇති අභියෝග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.














