2026 අන්තර් ඇඟලුම් කර්මාන්ත සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ශූරතාව බඩල්ගම Sirio ආයතනය විසින් දිනාගනිමින් මෙවර තරගාවලියේ විශිෂ්ටතම කණ්ඩායම බවට පත්ව තිබේ.
දිවයින පුරා ඇඟලුම් කර්මාන්ත ආයතන 23ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේ අවසන් අදියර කොළඹ මැලේ ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.
මෙම තරගාවලියේදී Sirio කණ්ඩායම වෙනුවෙන් රොමේෂ් රුවන්ත (හොඳම පන්දු යවන්නා) සහ ලක්ෂිකා ඩිලානි (හොඳම පන්දු යවන්නිය) සම්මාන දිනාගත් අතර, අවසන් තරගයේ වීරයා ලෙස කමල් නාදන් තේරී පත්විය. ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවකයන් අතර ක්‍රීඩාශීලීත්වය, කණ්ඩායම් හැඟීම සහ සුහදතාවය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම තරගාවලිය සංවිධානය කර තිබුණි.














