ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ කටයුතු සම්බන්ධයෙන් පසු විපරම් කිරීමේ සහ වාර්තා කිරීමේ ඵලදායී දේශීය ක්‍රියාවලියක් සඳහා ස්ථාවර ජාතික රාමුවක් ලෙස ක්‍රියා කිරීම පිණිස මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවකට අනුව මෙම අනුමැතිය හිමිව ඇති අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ගිවිසුම් සහ විශ්ව කාලාන්තර සමාලෝචන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම සහ ස්වේච්ඡා මධ්‍යකාලීන වාර්තා සකස් කිරීම මෙහි මූලික අරමුණ වේ.














