ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවාවන් වඩාත් කාර්යක්ෂම, පාරදෘශ්‍ය සහ ජනතාවට සමීප කිරීමේ අරමුණින් එහි සමස්ත මෙහෙයුම් පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට පියවර ගෙන තිබේ.
නවීන තොරතුරු තාක්ෂණික විසඳුම් භාවිත කරමින් ක්‍රියාත්මක කෙරෙන මෙම නව පද්ධතිය හරහා බලපත්‍ර නිකුත් කිරීම, අලුත් කිරීම, ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලිය සහ තොරතුරු කළමනාකරණය සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට පහසුකම් සැලසේ. විද්‍යුත් පද්ධති හරහා දත්ත විශ්ලේෂණය කිරීමේ හැකියාව ලැබීම නිසා රාජ්‍ය ආදායම් කාන්දුවීම් වළක්වා ගැනීමටත්, දෙපාර්තමේන්තු මෙහෙයුම්වල විනිවිදභාවය තහවුරු කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.














