දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත පිටවුම් දොරටුවේදී කාර් රථයකින් කුෂ් සහ ‘mushroom’ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු කඩවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පරීක්ෂා කිරීමේදී සැකකාර රියදුරු තමන් පොලිස් පරීක්ෂකවරයකු බව පෙන්වමින් හැඳුනුම්පතක් ඉදිරිපත් කළද, වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු 2024 වර්ෂයේදී රන් ජාවාරමකට සම්බන්ධවී පොලිස් සේවය හැරගිය උප පොලිස් පරීක්ෂකවරයෙක් බවයි. සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී පොලිස් නිල ඇඳුම් 16ක්, ටී-56 සහ 9mm උණ්ඩ, විදේශීය සිගරට් 600ක්, මාංචු කුට්ටම් 5ක්, පිස්තෝල රඳවන සහ වායු රිවෝල්වරයක් ඇතුළු භාණ්ඩ රැසක් සොයාගෙන ඇති අතර, සැකකරුවන් මහර මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.














