පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද සත්ත්ව (සංශෝධන) පනත් කෙටුම්පතට සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (18) සිය සහතිකය සටහන් කර තිබෙනවා.
මෙම අනුමැතියත් සමඟ සත්ත්ව (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 19 දරන සත්ත්ව (සංශෝධන) පනත ලෙසත්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 20 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත ලෙසත් අද සිට නිල වශයෙන් බලාත්මක වේ.














