මුලතිව් ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකු හෙරොයින් ග්‍රෑම් 3ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත කොක්කිලායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 16 වනදා මුලතිව් – සෙම්මමාලෙයි මාර්ගයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් පෞද්ගලික පරිභෝජනය සඳහා මත්ද්‍රව්‍ය රැගෙන ආ බව පැවසුවද, ඔවුන් මත්ද්‍රව්‍ය අලෙවි ජාවාරමක නිරතවී ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇත. සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














