ආසියා සංවර්ධන බැංකුව (ADB) විසින් දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් හානියට පත් ප්‍රදේශ යළි ප්‍රතිසංස්කරණය කිරීමට සහ ජනතාවගේ ජීවනෝපාය නඟා සිටුවීමට ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ.
මෙම ව්‍යාපෘතිය 2026 සිට 2030 දක්වා ක්‍රියාත්මක වන අතර, කුණාටුවෙන් හානි වූ මාර්ග, වාරිමාර්ග පද්ධති සහ නිවාස යළි පිළිසකර කිරීමට මෙන්ම, කෘෂිකාර්මික ආධාර ලබා දීමට මෙම අරමුදල් යොදවනු ඇත. මහා භාණ්ඩාගාරයේදී ඊයේ (18) අදාළ ණය ගිවිසුමට අත්සන් තැබිණි.














