තවත් ලකුණු 288ක් අවශ්‍යයි: සිව්වන දිනය අවසන් වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 84/4යි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය නිමාවන විට, ලකුණු 372ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 84ක් ලබා සිටියි.
ඒ අනුව, තරගයේ අවසන් දිනය වන හෙට දිනයේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 288ක් අවශ්‍ය අතර, අතැති ඇති කඩුලු 6 සමඟින් එම අභියෝගය ජය ගැනීමට බලාපොරොත්තු වේ. දිනය නිමාවන විට නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 31ක් සහ සොනාල් දිනූෂ නොදැවී ලකුණු 25ක් ලබා කඩුල්ලේ රැඳී සිටියහ.














