අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ ලංකා ධීවර නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මහීල් සෙනරත්න මහතාට ඇප හිමි වුවද, ඇප කොන්දේසි නිසි පරිදී සම්පූර්ණ කරගැනීමට නොහැකි වීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අධිකරණය විසින් ඔහු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට සහ විදෙස් ගමන් තහනම් කිරීමට නියෝග කර තිබුණි. 2010 – 2012 කාලසීමාව තුළ දිවයින පුරා මාළු අලෙවිසැල් ඉදිකිරීමේ සහ අලුත්වැඩියා කිරීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කර දූෂණය නමැති වරද සිදුකිරීමේ චෝදනාව මත ඔහුව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.














