එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ගුවන් ආරක්ෂක පද්ධති විසින් එරටට එල්ල විය හැකි මිසයිල තර්ජනයක් හඳුනාගැනීමත් සමඟ එරට ආරක්ෂක අමාත්‍යාංශය විසින් විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ජංගම දුරකථන වෙත හදිසි ඇඟවීමක් (Emergency Alert) යවමින්, වහාම ආසන්නතම ආරක්ෂිත ගොඩනැඟිල්ලකට වී රැඳී සිටින ලෙස ජනතාවට දැනුම් දී ඇත. මෑත මාස කිහිපයක් ඇතුළත එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ මෙවැනි මිසයිල අනතුරු ඇඟවීමක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය වන අතර, පසුව තත්ත්වය පාලනය කර ආරක්ෂිත බවටද බලධාරීන් විසින් යළි දැනුම් දී තිබේ.













