නවක ධීවර නිලධාරීන් 112 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය හෙට (19) පෙරවරු 9:30 ට කොළඹ නෙළුම් ශාලාවේදී (Nelum Auditorium) පැවැත්වීමට නියමිතය.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර, නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, අමාත්‍යාංශ ලේකම් බී.කේ. කොලිත කමල් ජිනදාස සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට නියමිතය.













