අගෝස්තු මාසයේ පළමු දින 16 තුළ පමණක් ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින් 113,307ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
නිකුත් කර ඇති නවතම දත්තවලට අනුව, එම කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඒ, සංචාරකයින් 25,355ක් ලෙස වන අතර එය සමස්ත පැමිණීම්වලින් 22%කි. ඊට අමතරව, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 12,738ක් සහ ප්‍රංශයෙන් සංචාරකයින් 8,106ක්ද මෙම කාලසීමාව තුළ දිවයිනට පැමිණ තිබේ.
මේ අතර, 2026 වසරේ ජනවාරි මස 01 වැනි දින සිට අගෝස්තු මස 16 වැනි දින දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,456,725ක් ලෙස වාර්තා වී ඇත. එම සමස්ත කාලය තුළද ඉන්දියාවෙන් සංචාරකයින් 363,585ක් සහ එක්සත් රාජධානියෙන් සංචාරකයින් 143,139ක් ලෙස වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රටවල් අතර ඉදිරියෙන් සිටියි.














