ගාසා නගරයේ ධීවර වරාය අසල පිහිටි කුඩා ආපනශාලාවකට ඊශ්‍රායල යුද හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පලස්තීනුවන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ප්‍රහාරයෙන් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව සෞඛ්‍ය නිලධාරීහු පවසති.
මෙම වරාය ප්‍රදේශය යුද්ධය ආරම්භ වූ පසු පලස්තීන පවුල් රැඳී සිටින විශාල අවතැන් කඳවුරක් බවට පත්ව ඇත. ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිත ජැරඩ් කුෂ්නර් (Jared Kushner) විසින් ඊශ්‍රායල අගමැති බෙන්ජමීන් නෙතන්යාහු සමඟ පවත්වන ලද සාම සාකච්ඡා කිසිදු එකඟතාවකින් තොරව අවසන් වී දිනකට පසුවය.
හමාස් සන්නද්ධ කමිටු සාමාජිකයන් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇති අතර, හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම නිරායුධ කරන තෙක් හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව නෙතන්යාහු අවධාරණය කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














