ජර්මනියෙන් අතිසැර ජර්මන් සබ්මැරීන 6ක් මිලදී ගැනීමට ඉන්දියාව සූදානම් වන පසුබිමක, පාකිස්තානය ද චීනයේ නිෂ්පාදිත නවීන හංගෝර් පන්තියේ (Hangor-class) සබ්මැරීන තම නාවික හමුදාවට එක් කර ගනිමින් සිටී.
සති කිහිපයක් ජලය යට රහසිගතව සැඟවී සිටීමේ හැකියාව සහිත මෙම නවීන සබ්මැරීන දෙරට අතර මුහුදු සීමාවේ බලතුලනය වෙනස් කිරීමට සමත් වී තිබේ. ඉන්දියාවේ වයස්ගත වන ඩීසල් සබ්මැරීන බලඇණිය ශක්තිමත් කර ගැනීම සඳහා මෙම ජර්මන් සබ්මැරීන මිලදී ගැනීම අත්‍යවශ්‍ය වී ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.
තොරතුරු උපුටා ගැනීම: Mario Nawfal(x) ඇසුරින්












