ඔටාවාහි ශ්‍රී ලංකා කැනඩා සංගමයේ (SLCAO) 50 වන සංවත්සරය (ස්වර්ණ ජයන්ති සැමරුම) නිමිත්තෙන් සංවිධානය කරන ලද ප්‍රජා, සංස්කෘතික සහ ක්‍රීඩා වැඩසටහන් මාලාවකට ඔටාවාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සක්‍රියව දායක වී තිබේ.
මෙම සැමරුම වෙනුවෙන් ඔටාවා නුවර පැවැත්වුණු ‘Legacy Gala’ උපහාර උලෙළ සඳහා වැඩබලන මහ කොමසාරිස් කිරිදරන් කුමාරසාමි මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, වසර පනහක් පුරා ශ්‍රී ලාංකීය සංස්කෘතික උරුමයන් සුරැකීමට සහ කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර එකමුතුභාවය වර්ධනය කිරීමට සංගමය කළ මෙහෙවර ඔහු අගය කළේය. මීට අමතරව, සංවත්සර වැඩසටහන යටතේ පැවැත්වුණු “SLCAO තුන්-නගර ක්‍රිකට් තරගාවලිය” සඳහාද මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රාහක දායකත්වය හිමිව තිබූ අතර, එහිදී පිරිමි ශූරතාවය ‘Ottawa Tuskers’ කණ්ඩායම විසින් ද, කාන්තා ශූරතාවය ‘Ottawa Avengers’ කණ්ඩායම විසින් ද දිනා ගන්නා ලදී.













