ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේ මධ්‍යස්ථානය (CWUR) නිකුත් කළ 2026 නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතර ප්‍රථම ස්ථානයට පත්ව තිබේ.
විභාග ප්‍රතිඵල, උපාධිධාරීන්ගේ රැකියා හැකියාව, ආචාර්ය මණ්ඩලයේ ගුණාත්මකභාවය, පර්යේෂණ සහ සමස්ත කාර්යසාධනය යන දර්ශක පදනම් කරගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත. ඒ අනුව ලොව පුරා විශ්වවිද්‍යාල 21,291ක් අතරින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට 1,695 වැනි ලෝක ශ්‍රේණිය හිමි වී ඇති අතර, හාවර්ඩ් විශ්වවිද්‍යාලය මෙම ලැයිස්තුවේ පෙරමුණ ගෙන තිබේ.














