පුත්තලම දිස්ත්‍රික්කයේ පවතින ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් විහාරස්ථාන සංරක්ෂණය කිරීමේ විශේෂ වැඩසටහනක් සකස් කර තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සහ වයඹ පළාත් පුරාවිද්‍යා අධ්යක්ෂවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මුල් කිරිගල රාජ මහා විහාරය, නවගත්තේගම එරුණුක්කුළිය රාජ මහා විහාරය සහ ගල්කුලම රාජ මහා විහාරය වෙත ගොස් එහි වත්මන් තත්ත්වය නිරීක්ෂණය කළහ. එම විහාරස්ථානවල පුරාවිද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කරගනිමින් කඩිනමින් සංරක්ෂණ කටයුතු දියත් කිරීම පිළිබඳව විහාරාධිපති හිමිවරුන් සහ නිලධාරීන් සමඟ මෙහිදී සාකච්ඡා කර ඇත.














