ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ අල්ලස් හා දූෂණ විරෝධී ක්‍රියාමාර්ග, ආයතනික සුපිළිපන්භාවය, විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීමේ අරමුණින් ISO 37001 අල්ලස් විරෝධී කළමනාකරණ පද්ධතිය පිළිබඳ දෙදින වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (18) ආරම්භ විය.
ජාත්‍යන්තරව පිළිගත් අල්ලස් විරෝධී ක්‍රියාමාර්ග සහ ආයතනික පාලන ක්‍රමවේද පිළිබඳව අවබෝධය පුළුල් කිරීම සඳහා සංවිධානය කර ඇති මෙම වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සහ යුරෝපා සංගමය විසින් සහය ලබා දී ඇත. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, බැංකු සහ පෞද්ගලික සමාගම් ප්‍රධානීහු මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් මෙම වැඩමුළුවට එක්ව සිටිති.














