කොළඹ වරායේ අක්කර 14ක පමණ භූමි ප්‍රමාණයක නව මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්විට්සර්ලන්ත ආයෝජන හරහා ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත. ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත රජයේ නියෝජ්‍ය තානාපති ඔලිවියර් ප්‍රාස් සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහත්වරුන් අතර අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.
මෙම ව්‍යාපෘතිය සඳහා ස්විට්සර්ලන්තයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර නැව් සමාගමක් වන MSC (Mediterranean Shipping Company) සමාගම දැඩි උනන්දුවක් පළ කර ඇත. වරාය ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා පෞද්ගලික ආයෝජකයන්ට මෙහෙයුම්, මානව සම්පත් සහ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් සාධාරණ නිදහසක් ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.














