ඔස්ට්‍රියාවේ ටිරෝල් (Tyrol) ප්‍රාන්තයේ ශ්‍රී ලංකා ගෞරව කොන්සල්වරයා ලෙස කටයුතු කරන ක්‍රිස්ටියන් ස්ටෙපන් (Christian Steppan) මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
එම සේවා කාලය දීර්ඝ කිරීමේ නිල ලිපිය ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනි සහ නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය විසින් ඒ මහතා වෙත පිළිගන්වා ඇත. මෙම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම, සංස්කෘතික හුවමාරුව මෙන්ම සංචාරක හා ආගන්තුක සත්කාරක ක්ෂේත්රවල වෘත්තීයමය සහයෝගිතාව වර්ධනය කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබේ.














